Pinchi and The Alphabet



This pack contains: DVD (Pinchi & the alphabet)
1 - Drawing Book (A5 size, 64 pages)
2 - Writing Book (A4 size, 36 pages)
3 - Pinchi Sticker (A5 size)
4 - Purple pencil (Ordinary pencil)

මෙම Pinchi & the alphabet අධ්‍යපනික DVD එක සමඟ ඔබේ පොඩිත්තාට පිංචිත් එක්ක අකුරු ලියන්න අකුරු ලියනපොතයි, පැන්සලයි. පිංචිගේ අකුරු යාළුවෝ ලස්සනට පාට කරන්න පාට කරන පොතයි, පිංචිගේ ලස්සන ස්ටිකර් එකකුයිත් ලැබෙනවා.


ළමාවිය සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින් සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනිම ඉගැන්වීම පිළිබඳව වසර තුනක් පුරා කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම කාටුන් චිත්‍රපටය නිරමාණය වී ඇත. අධ්‍යපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිතා කරමින් නිමවා ඇති මෙම විනෝදාත්මක අධ්‍යපනික චිත්‍රපටය සිංහල භාෂාවේ සිදත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන “ශුද්ධ සිංහල හෝඩිය“ නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්ප්‍රදායක ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඔනැම වයසක දරුවෙකුට අකුරු “ඉගැන්වීමට“ නොව අකුරු “රසවිඳිමට“ හැතිවෙන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත. එමෙන්ම මෙහිදි විශේෂයෙන් වර්ථමාන දරුවාගේ මානසික වර්ධනයට වඩාත් යෝග්‍යවන ලෙස අවට පරිසරය මෙන්ම චිත්‍රකලාව, සංගිතය, කවි, කතාන්දර, කාටූන් සජීවීකරණය ඇතුළු බහුමාධ්‍ය (Multimedia) අංග සියල්ලම නවීන තාක්ෂණය උපයෝගිකොට සමබරව සංකලනය කොට ඇත. ළමාවියේ දඟකාරකම් මෙන්ම ආදරය, කරුණාව, සංවේදිබව, වීරත්වය, දේශාභිමානය ආදී යහගුණ හා පෞර්ෂ වර්ධන සංකල්පයද ඉතා කුඩා කල සිටම වර්ධනය වන අයුරින් ගොඩනගා ඇති මෙය පැය 1 විනාඩි 46 පුරා දිවෙන අතර දරුවාට අවදානය තබාගත හැකි මට්ටම අනුව කොටස් වශයෙන් නැවත නැවත බැලිම ඉතා සුදුසු වේ. පිංචි නම් කුඩා දැරියක හා සුරංගනාවියක වටා ගෙති ඇති මෙම සංගිතමය කාටූන් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිර්මාණය වි ඇති පළමු අධ්‍යාපනික කාටූන් චිත්‍රපටයද වේ.